Thursday , January 17 2019
Home / Bank / HNB බැංකු තොරතුරු පිටවීම ගැන පරීක්ෂණයක්

HNB බැංකු තොරතුරු පිටවීම ගැන පරීක්ෂණයක්

HNB බැංකුවේ පාරිභෝගිකයන් 4,630ක ගේ දත්ත බාහිරට හෙළිවීම සමබන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පරීක්ෂණ අරඹා තිබේ. මෙම හෙළිවීම සිදුව ඇත්තේ HNB බැංකුව ලෝකයේ හොඳම බැංකු අතරට පැමිණි බව කියමින් සිය ඉහළ ගනුදෙනු කරුවන් අතරට යැවුණ Email පණිවිඩයකිනි.

එම Email පණිවිඩයේ තම බැංකුව අත්පත් කරගත් සාර්ථකත්වය ගැන වර්ණනාත්මක විස්තර අඩංගු කරනවාට අමතරව තම බැංකුවේ විශාල ලෙස මුදල් තැන්පත් කර ඇති අයගේ නම් හා මුදල් වටිනාකම් ඇතුළු රහස්‍ය බැංකු විස්තර ප්‍රසිද්ධ කර තිබේ.

මෙම Email පණිවිඩ මගින් බලාපොරොත්තු වී ඇත්තේ තවත් පාරිභෝගිකයින් බැංකුවේ තැන්පතු සඳහා හවුල් කර ගැනීම වුවත් අත්දැකීම් විරහිත පිරිසක් නිසා බැංකු කටයුතු වල පවතින රහස්‍යභාවය පිලිබඳ අදහස නොදැන මෙම අනාවරණය සිදු කර තිබෙයි.

මෙය නොසැලකිල්ල හේතුවෙන් සිදුව ඇති බව මූලික පරීක්ෂණයෙන් හෙළිවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දැනුම් දී ඇත. එමෙන්ම මෙය බැංකුවේ අභ්‍යන්තර කළමනාකාරීත්වයේ වැරැද්දක්ද යන්න පිළිබඳව මහ බැංකුව හා අදාළ බැංකුව විසින්ද තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා තිබේ.

About admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *