Wednesday , December 13 2017
Breaking News
Home / Rape / ෆන් එකක් දුන්නොත් විභාගයෙන් පාස් කරලා දෙන්නම්

ෆන් එකක් දුන්නොත් විභාගයෙන් පාස් කරලා දෙන්නම්

මොරටුව ජර්මානු තාක්ෂණික කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පතිවරයා විසින් එහි ඉගෙනුම ලබන සිසුවෙක් ලිංගික අපචාරයට ලක් කරනා ආකාරය දැක්වෙන විඩියෝවක් පිළිබදව පසුගිය දිනවල සමාජ ජාලා වෙබ් අඩවි වල කතා බහට ලක් වුනා.

මෙම අපචාර චෝදනා එල්ල වී ඇති කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පති ශාන්ත කරුණාරත්නට එරෙහිව විනය පියවර ගැනීමට නිපුණතා සංවර්ධන අමාත්‍යංශය සූදානම් වන බව වාර්තා වෙනවා.

ඔහුට එල්ලවී ඇති චෝදනා සාක්ෂි සහිතව ඇතත් පාලනාධිකාරිය ඊට එරෙහිව ක‍්‍රියා මාර්ග ගැනීමට මැලිකමක් දක්වන බවට එම ආයතනයේ ආදි ශිෂ්‍යයින් චෝදනා කරන අතර විභාග වලින් අසමත් වන සිසුන් ඉන් සමත් කර දෙන බව කියමින් මොහු මෙවැනි ක‍්‍රියාවල නිරත වන බවයි එම ආයතනයේ සිසුන් පවසන්නේ.

කෙසේ වෙතත් නිපුණතා සංවර්ධන අමාත්‍යංශය පවසන්නේ මොරටුව ජර්මානු තාක්ෂණික කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පතිවරයාට එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන් විදුහල්පතිවරයට එරෙහිව නීතිමය පියවර ගැනීමට තමන් පසුබට නොවන බවයි.

About admin

Check Also

13 හැවිරිදි සිසුවියගේ කාමරයට පැන්න තරුණයා

තම බාලවයස්කාර දියණි‍ය සමග තරුණ‍යෙකු ලිංගිකව හැසිරෙන්නට සුදානම් වනු දැක කෝපයට පත් පියෙකු එම තරුණයාට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *