Wednesday , December 13 2017
Breaking News
Home / Doctor / හිසේරදයට බෙහෙත් ගන්න ගිය දැරිය මියයයි.

හිසේරදයට බෙහෙත් ගන්න ගිය දැරිය මියයයි.

රෝහලේ වෛද්‍යවරයකු විසින් ලබාදුන් බෙහෙත් විෂ වීමෙන් තම දැරිය මිය ගිය බවට හඳපානාගල වෙහෙරයාය දෙක පියවරේ පදිංචි දැරියගේ ඥාතීහු චෝදනා කරති.

මෙසේ මිය ගොස් ඇත්තේ වෙහෙරයාය දෙක පියවර කනිෂ්ඨ විද්‍යාලයේ 3 ශේ‍ර්ණියේ ඉගෙනුම ලැබූ U.R. Gihani Vihanga නමැති 7 හැවිරිදි දැරියකි.

හිසේ කැක්කුමක් සඳහා මෙම දැරිය හඳපානාගල ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී පරීක්ෂා කර බැලූ වෛද්‍යවරයා ප්‍රතිකාර ලබාදී තිබේ. පසුව ඔහුගෙන්ම නැවතත් බෙහෙත් ලබාගෙන තිබේ. එයින්ද සුවයක් අත් නොවූ නිසා වෙනත් වෛද්‍යවරයකුට පෙන්වා ඇත. එහිදී ඔහු මෙම දරුවාව වහාම රෝහල්ගත කරන ලෙස උපදෙස් ලබාදී ඇත.

ඒ වනවිට අසාධ්‍ය තත්වයේ පසුවූ දැරිය වැල්ලවාය මූලික රෝහලෙන් මොනරාගල මහ රෝහලටත් එතැනින් බදුල්ල මහ රෝහලටත් මාරු කර යවා ඇත. අසාධ්‍ය තත්වයේ පසුවූ දැරිය බදුල්ල මහ රෝහලේදී පෙරේදා (31) අලුයම මියගොස් තිබේ.

“බ්‍රහස්පතින්දා හවස තමයි දරුවට අසනීපයි කියලා තිබුණේ. උගුර රිදෙනවා ඔළුව කැක්කුමයි කියලා දෙහිගස්හන්දිය ඉස්පිරිතාලෙට අරගෙන ගියේ. අලුත් ඩොක්ටගෙන් තමයි බෙහෙත් ගත්තේ. ඒ බෙහෙත්වලට අඩු වුණේ නැති නිසා ආයෙත් ගිහිල්ලා තියෙනවා. ඒ පාර කලින් බෙහෙත්වලටම දාලා දෙන්න කියලා බෙහෙත් දීලා. සෙනසුරාදා ළමයට අමාරු නිසා ඇතිලිවැව පැත්තේ දොස්තර මහත්තයකුට පෙන්නලා. ඒ මහත්තයා බලලා මෙයාට අමාරු නිසා රෝහලට ගෙනියන්න කියල චිට් එකක් ලියලා දීලා”

යැයි දැරියගේ ඥාතියකු පවසා සිටියේය.

මේ සම්බන්ධයෙන් හඳපානාගල රෝහලේ දැරියට ප්‍රතිකාර ලබාදුන් D.S. Landage වෛද්‍යවරයා පැවසුවේ මෙවැන්නක්.

“ඒ දරුවා මවුපියන් එක්ක උණ හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න කියලා ආවා. අඩු නෑ කියලා රෑත් ආවා. බලලා විස්තර කිව්වාම අපිට දැන් යන්න බෑ සේලයින් එකක් දෙන්න කියලා කිව්වා. රෝහලේ හෙදියන් නැති නිසා මම කිව්වා නතර වෙන්න යන්න කියලා. වැල්ලවායට යවන්න ඇම්බියුලන්ස් එක තිබුණෙත් නෑ. කතරගම ගිහිල්ලා. පහුවදා ඇතිලිවැවට ගිහිල්ලා බෙහෙත් ගන්න. එතන බලපු වෛද්‍යවරයෙක් සේලයින් එකක් දීලා අමාරු නිසා වැල්ලවායේ නතර වෙන්න කියලා ලියුමක් දීලා යවලා තියෙනවා. වැල්ලවායෙදී ෆිට් එකත් හැදිලා. ළමා රෝග මැඩම් හිටියේ නැති නිසා එතනින් මොනරාගලට යවලා තියෙනවා. මොනරාගලින් අයි.සී.යූ. දාන්න ඕන නිසා බදුල්ලට යවලා තියෙනවා. බදුල්ලෙන් ප්‍රතිකාර කරලා තියෙන්නේ මොළේ උණ කියලා. ඒ අතරතුර දරුවා නැතිවෙලා”

About admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *