Monday , April 16 2018
Home / Facebook / උතුරු කොරියානු නායකයාගෙන් ඉරාජ් සමාව ඉල්ලයි

උතුරු කොරියානු නායකයාගෙන් ඉරාජ් සමාව ඉල්ලයි

උතුරු කොරියාව විසින් දිගින් දිගටම සිදු කරන මිසයිල අත්හදා බැලීම පිළිබදව පසුගියදා ශ්‍රී ලංකාව අප්‍රසාදය පළකර තිබුණා. එමගින් ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් උතුරු කොරියාව සිදු කරන එදිරිවාදී ක්‍රියාකාරකම් දැඩිව හෙළා දකින බවත් ශ්‍රී ලංකාව ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් මෙම නිවේදන මෙරට සමාජ ජාල ඇතුළු වෙබ් අඩවි වල දැඩි කතාබහකට ලක්වුණා.

මීට මොහොතකට පෙර ගායන ශිල්පි ඉරාජ් වීරරත්නද සිය Facebook පිටුව ඔස්සේ මේ සම්බන්දව සටහනක් පලකර තිබුණා. එහි දැක්වුනේ ඉරාජ් වීරරත්න උතුරු කොරියානු ජනපතිගේ යැයි කියවෙන Facebook ගිණුමකට යැවූ පණිවිඩයකි.

“සර් අපිට බෝම්බ ගහන්න එපා අපේ අය පොඩි විහිලුවක් කරේ. අපි ගොඩක් අසරණ මිනිස්සු අතේ සතේ නෑ… ඊයේ වරායත් විකුණුවා. දෙවි පිහිටයි.”

යනුවෙන් එහි සඳහන් උනා. 

About admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *