Wednesday , December 13 2017
Breaking News
Home / Night Club / තරුණියක් නයිට් ක්ලබ් ගිහින් එද්දී ත්‍රීරෝද රථ රියදුරෙක් ලිංගික අපයෝජනය කරලා

තරුණියක් නයිට් ක්ලබ් ගිහින් එද්දී ත්‍රීරෝද රථ රියදුරෙක් ලිංගික අපයෝජනය කරලා

සංචාරය සදහා මෙරටට පැමිණි ස්විස්‍ටර්ලන්ත ජාතික 22 හැවිරිදි තරුණියක් පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක් කළ ත්‍රීරෝද රථ රියදුරෙක් පිළිබදව අනුරාධපුර නගරයෙන් වාර්තා වෙනවා.

මෙම තරුණිය මිතුරන් දෙදෙනෙකු සමග අනුරාධපුර නගරයේ රාත්‍රී සමාජ ශාලාවකට ගොස් විනෝදවී නැවත ඇය නැවතී සිටි හෝටලය වෙත යෑමට ත්‍රිරෝද රථයකට ගොඩවී තිබෙනවා. එම අවස්ථාවේදී ත්‍රීරෝද රථ රියදුරු ඇයව හෝටලයට රැගෙන යන මුවාවෙන් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් එම තරුණියව දූෂණය කර ඇති බව සදහන්.

ඉන්පසුව මෙම ත්‍රීරෝද රථ රියදුරා විසින් එම විදෙස් තරුණිය අනුරාධපුර බස් නැවතුම්පොළ අසලට ගෙන ගොස් දමා තිබෙනවා. තරුණිය මේ පිළිබදව හෝටලයේ සිටි සිය මිතුරියව දුරකථන මාර්ගයෙන් දැනුවත් කර ඇති අතර පසුව ඇය නැවතී සිටි හොටලයේ කළමනාකරු සහ මිතුරියන් එම ස්ථානයට පැමිණ තිබේ.

එහිදී පොලීසියට කළ පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලීසිය ත්‍රිරෝද රථ රියදුරා 30 වනදා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. සැකකාර ත්‍රීරෝද රථ රියදුරු 35 වන වියේ පසුවන අයෙක් බව සදහන්.

About admin

Check Also

13 හැවිරිදි සිසුවියගේ කාමරයට පැන්න තරුණයා

තම බාලවයස්කාර දියණි‍ය සමග තරුණ‍යෙකු ලිංගිකව හැසිරෙන්නට සුදානම් වනු දැක කෝපයට පත් පියෙකු එම තරුණයාට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *