Friday , October 12 2018
Home / Drugs / කුඩු දුන්නොත් සෙක්ස් කරන්න දෙන පොළොන්නරුවේ සුරූපිණිය

කුඩු දුන්නොත් සෙක්ස් කරන්න දෙන පොළොන්නරුවේ සුරූපිණිය

තමාට හෙරොයින් පානය කිරීමට ලබාදෙන ඕනෑම තරුණයෙකුට අඹු සැමියන් ලෙස හැසිරීමට අවස්ථාව ලබාදෙන බව කියන 23 හැවිරිදි රූමත් තරුණියක් පොළොන්නරුව දිසා දූෂණ මර්දන අංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ හෙරොයින් පානය කිරීමට ඇබ්බැහි වී සිටි මෙම තරුණිය හෙරොයින් ග්‍රෑම් 5 කට ආසන්න ප්‍රමාණයක් සමග පොළොන්නරුව දිසා දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව පෙරේදා (01) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය සමගින් හෙරොයින් ජාවාරමේ යෙදුණු ඇගේ සැමියා සහ සහෝදරයාද පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසියට මොවුන් පිළිබඳ තොරතුරක් ලැබී තිබූ අතර පසුව උපාය දූතයෙකු ලවා පොලීසිය විසින් මෙම වැටලීම සිදුකොට තිබුණා. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ මොවන් සතුව හෙරොයින් ග්‍රෑම් 4යි මිලි ග්‍රෑම් 560 ප්‍රමාණයක් තිබුණා.

ඇයගේ සැමියා සහ සහෝදරයා විසින් කොළඹ ප්‍රදේශයට පැමිණ Rs.500 පමණ මිලට ගන්නා හෙරොයින් පැකට්ටුවක් ගැනුම්කරුවන්ට Rs.2500 වැනි මුදලකට විකුණා ඇත.

ඇය ගැණුම්කරුවන්ගේ දුරකථන ඇමතුම් වලට අනුව කාන්තා යතුරු පැදියෙන් ගොස් හෙරොයින් අලෙවි කරන බවත් ඇයට හෙරොයින් පානය කිරීමට පැකට්ටුවක් ලබාදෙන ඕනෑම තරුණයෙකුට ඇය සමග අඹු සැමියන් ලෙස හැසිරීමට අවස්ථාව ලබාදෙන බවද පොලිසියට අනාවරණ වී තිබෙනවා. මෙම තරුණිය මීට පෙර ගුවන් හමුදා සෙබෙළෙකු සමග විවාහ වී සිටි බවද සඳහන්.

අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

About admin

Check Also

13 හැවිරිදි සිසුවියගේ කාමරයට පැන්න තරුණයා

තම බාලවයස්කාර දියණි‍ය සමග තරුණ‍යෙකු ලිංගිකව හැසිරෙන්නට සුදානම් වනු දැක කෝපයට පත් පියෙකු එම තරුණයාට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *