Wednesday , December 13 2017
Breaking News
Home / Banned / ලන්ච් ෂීට් සහ සිලි බෑග් අද සිට තහනම්

ලන්ච් ෂීට් සහ සිලි බෑග් අද සිට තහනම්

පොලිතීන් ආශ‍්‍රිත නිෂ්පාදක කිහිපයක් නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම අද (01) සිට තහනම් කර තිබෙනවා. ඒ පිළිබඳ කරුණු දක්වන මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු Upali Indrarathna මහතා පවසන්නේ ලන්ච් ෂීට්, සිලි බෑග් ඇතුළු පොලිතින් නිෂ්පාදන අද සිට තහනම් වන බවය. උත්සව සඳහා පොලිතින් වලින් කරනු ලබන සියළුම සැරසිලිද තහනම් බව ඔහු පවසනවා. පරිසරයට අහිතකර මෙම නිෂ්පාදන වලින් ඈත්ව පරිසර හිතකාමී නිෂ්පාදනයන් සඳහා යොමු වන ලෙස ඔහු තවදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර තහනම් කෙරෙන පොලිතීන් නිෂ්පාදන වෙනුවට භාවිත කළ හැකි වෙනත් විකල්ප නිෂ්පාදනයක් කැළණිය විශ්ව විද්‍යාලය ඊයේ (31) එළිදැක්වූවා. එම විශ්ව විද්‍යාලයේ තිරසර විසඳුම් මධ්‍යස්ථානයේ ආචාර්ය U.P.K. ඈපා මහතා පැවසුවේ මෙම පියවර ඉතා හොඳ පරිසරයට හිතකාමී මානවයාට හිතකාමී ක්‍රියාවක් බවය. නැවත නැවත භාවිත කළ හැකි පසුම්බියේ පවා ගෙනගිය හැකි පරිසර හිතකාමී නිෂ්පාදනයක් තම විශ්වවිද්‍යාලය හඳුන්වා දී ඇතැයි පැවසූ ඔහු එය දැනට විශ්ව විද්‍යාල ප්‍රජාව අතර ප්‍රචලිත කර ඇතැයිද, ඉදිරියේදී එය රටටම හඳුන්වා දෙන බවද පවසනවා.

තහනම් කෙරෙන පොලිතීන් නිෂ්පාදන වෙනුවට විකල්ප නිෂ්පාදන කිහිපයක් මේ වනවිටත් වෙළඳ පොලට හඳුන්වා දී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය ද පවසනවා. කෙසේ වෙතත් පාරිභෝගිකයින් සහ ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙකු පවසන්නේ එවැනි විකල්ප පිළිබඳ තමන් නොදන්නා බවයි.

මෙම ජාතික වගකීම වටහාගෙන බඩු ගෙන ඒමට යාමේදී පරිසර හිතකාමී මල්ලක් රැගෙන යන ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, ඉංජිනේරු Upali Indrarathna මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර පොලිතීන් නිෂ්පාදන කිහිපයක් සඳහා අද සිට ක‍්‍රියාත්මක වන තහනමත් සමග පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය විවෘත භූමි තුළ පිළිස්සීම ද අද සිට තහනම් වන බවයි මධ්‍යම පරිසර අධිකාරිය සිහිපත් කළේ.

About admin

Check Also

ජෙරුසලම,පලස්තීනය සහ ඊශ්‍රායලය : මුස්ලිම් රටවලින් ඉල්ලීමක්

නැගෙනහිර ජෙරුසලම පලස්තීනයේ අගනුවර ලෙස පිළිගන්නා ලෙස මුස්ලිම් රටවල් පනස් හතක නායකයෝ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *