Wednesday , December 13 2017
Breaking News
Home / Uncategorized / ජාතික රෝහලේ හෘද සැත්කම් නවතයි.. හෘද සැත්කම් පුද්ගලික රෝහල්වලට කොන්ත‍්‍රාත් දෙන්න කැබිනට් අනුමැතිය..

ජාතික රෝහලේ හෘද සැත්කම් නවතයි.. හෘද සැත්කම් පුද්ගලික රෝහල්වලට කොන්ත‍්‍රාත් දෙන්න කැබිනට් අනුමැතිය..

December 7, 2017 at 3:50 pm | lanka C news

ජාතික රෝහලේ හෘද සැත්කම් නවතයි.. හෘද සැත්කම් පුද්ගලික රෝහල්වලට කොන්ත‍්‍රාත් දෙන්න කැබිනට් අනුමැතිය..

හදවත් සැත්කම් සිදු කිරීමට නියමිතව කොලඹ ජාතික රෝහලට යොමු කර සිටින රෝගීන්ගේ සැත්කම් පුද්ගලික රෝහල්වලට යොමු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය යොමුව ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ ජාතික රෝහලේ මේ දිනවල සිදු කරමින් ඇති ශල්‍යාගාර දෙකෙහි අලූත්වැඩියා කටයුතු අවසන් වන තෙක්ය.

අදාල සැත්කම් පුද්ගලික රෝහල්වලින් සිදු කිරීමට අදාල ගාස්තුව රජය විසින් ගෙවනු ලබයි.

මේ දිනවල කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම් සිදු කිරීම නවතා දමා ඇත්තේ ශල්‍යාගාර අලූත්වැඩියා සිදු කරන නිසාය.

ජාතික රෝහලේ රෝගීන් ජයවර්ධනපුර රෝහලට යැවූවත් එහිද ඉඩකඩ ප‍්‍රමාණවත් නොවීම නිසා මෙම තිරණය ගෙන ඇත.

මෙම කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමැති රාජිත සේනාරත්න විසිනි.

1,640 Viewers

About admin

Check Also

පුංචි ඡන්දයෙන් එජාපයට 60%ක ජයග‍්‍රහණයක්.. අලූත්ම සමීක්‍ෂණයේ ප‍්‍රතිඵල මෙන්න..

December 14, 2017 at 12:08 am | lanka C news ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *