Wednesday , December 13 2017
Breaking News
Home / Uncategorized / ටී.එන්.ඒ. දෙදරයි.. ඉලංගෙයි තමිල් අරුසකච්චි තනි වෙයි.. නව සන්ධානයට පක්ෂ කිහිපයක්..

ටී.එන්.ඒ. දෙදරයි.. ඉලංගෙයි තමිල් අරුසකච්චි තනි වෙයි.. නව සන්ධානයට පක්ෂ කිහිපයක්..

December 7, 2017 at 5:30 pm | lanka C news

ටී.එන්.ඒ. දෙදරයි.. ඉලංගෙයි තමිල් අරුසකච්චි තනි වෙයි.. නව සන්ධානයට පක්ෂ කිහිපයක්..

පසුගිය දිනයන්හි දෙමළ ජාතික සන්ධානය නොසිතූ අයුරින් කඩාවැටීමකට ලක් වුනේ එහි පක්ෂ කිහිපයක් ඉවත්වී නව සන්ධානයක් වශයෙන් ඉදිරි මැතිවරණයන් වෙනුවෙන් තරග කිරීමට තීරණය කිරීමත් සමගය.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ පක්ෂ සියල්ලක්ම මේ වන විට ‘දෙමළ විමුක්ති සන්ධානය’ වශයෙන් සන්ධාන ගත වී සූර්යාගේ ලකුණින් ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට තීරණය කොට ඇති අතර නව සන්ධානය ආනන්ද සංගරීගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය ආරම්භ කොට ඇති අතර ඉදිරියේදී පුනරුත්පාන හිටපු එල්.ටී.ටී. සාමාජිකයින් රැසක් මෙන්ම ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලන්ගේ නායකත්වයෙන් යුත් සමස්තලංකා දෙමළ කොන්ග්‍රස් පක්ෂයද එක්වමට ඉඩ ඇති අතර තවද ටෙලෝ සංවිධානය හා ප්ලොට් සංවිධානයද නව සන්ධානයට එක් වීමට බොහෝ ඉඩ කඩ ඇති බවට නව සන්ධානයේ සාමාජික සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කොට ඇත.

දෙමළ ජාතික සන්ධානයෙන් පක්ෂ ඉවත් වීමට බලපෑ ප්‍රධාන හේතු වී ඇත්තේ බලයෙන් වැඩි පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය විසින් 80% ක් වූ ආසන අනුපාාතයක් ඉල්ලීමත් සෙසු සුල් පක්ෂ වෙතට 20% ක් වූ අනුපාතයත් සඳහා ආසන් වෙන් කිරීමමේ තීරණයත් සමගය.

දෙමළ ජාතික සන්ධානයෙන් පළමුව ආනන්ද සංගරීගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ඉවත් වූ අතර පසුව සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය ඉවත් වූ අතර ඊයේ (06 ) රාත්‍රිය වන විට ටෙලෝ සංවිධානයද ඉවත් වීමට තීරණය කොට ඇති අතර එය ටෙලෝ සංවිධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන්ද අනුමත කර ඇති බවට වාර්ථා වෙයි. නමුත් දෙමළ සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා වෙතට නිල වශයෙන් මේ බව දැනුම් දී නොමැත.

දෙමළජාතික සන්ධානයට එක්වූ අනෙක් පක්ෂය වූවේ ප්ලොට් සංවිධානයයි මේ වන විට ප්ලොට් සංවිධානයටද ඉලංගෙයි තමිල් අරුස කච්චි පක්ෂය සමග ගැටලු රැසක් මතුවී ඇති අතර ඔවුන්ද ඉවත් වීමට බොහෝ ඉඩකඩ ඇති බවට එම පක්ෂයේ සාමාජිකයින් කියා සිටිති.
දෙමළ ජාතික සන්ධානය සන්ධානගත වූ පක්ෂ පහෙන් පක්ෂ තුනක්ම ඉවත් වී ඇති අතර ඉදිරියේදී ප්ලොට් සංවිධනයද ඉවත් වුවහොත් ඉතිරි වන්නේ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය පමණයි.

මේ අනුව ඉලංගෙය තමිල් අරුසකච්චි පක්ෂයට පුනරුත්පාන හිටපු එල්.ටී.ටී. සාමාජිකයින්ගෙන් සැදුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂය හා දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයද එක් වීමට තීරණය කොට ඇති බවට වාර්ථා වෙයි.

උතුරු නැගෙනහිර බලය පැතිරූ දෙමළ ජාතික සන්ධනයට ඉදිරි මැතවරණයේදී ප්‍රභල අභියොග්යක් නව සන්ධානයෙන් එල්ල වෙනු ඇති බවට උතුරේ බොහෝ දෙනෙකු මත පල කර සිටි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

275 Viewers

About admin

Check Also

පුංචි ඡන්දයෙන් එජාපයට 60%ක ජයග‍්‍රහණයක්.. අලූත්ම සමීක්‍ෂණයේ ප‍්‍රතිඵල මෙන්න..

December 14, 2017 at 12:08 am | lanka C news ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *