Wednesday , December 13 2017
Breaking News
Home / Uncategorized / වනජී්වී අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්

වනජී්වී අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්

තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙසට ඩග්ලස් නානායක්කාර පත්කර තිබෙනවා.

ඒ අමාත්‍යංශයේ හිටපු ලේකම් ආර් එම් ඩී බී මීගස්මුල්ලගෙන් හිස්වු පුරප්පාඩුව සඳහායි.

ආර් එම් ඩී බී මීගස්මුල්ල විශේෂ කාර්යභාර අමාත්‍යංශය වෙත ස්ථාන මාරුවීමක් ලබාදී ඇති බවයි විෂය භාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා කියාසිටියේ.
එය සාමාන්‍ය ක්‍රමවේදයට අනුව සිදුවුවක් බව ද ඔහු සඳහන් කළා.

කෙසේවෙතත් අප කළ විමසීමකදී ආර් එම් ඩී බී මීගස්මුල්ල කියාසිටියේ ස්ථාන මාරුව ලබාදී ඇත්තේ කුමන අමාත්‍යංශයකට ද යන්න තමන්ට ලිඛිතව ලැබී නොමැති බවයි.

About admin

Check Also

පුංචි ඡන්දයෙන් එජාපයට 60%ක ජයග‍්‍රහණයක්.. අලූත්ම සමීක්‍ෂණයේ ප‍්‍රතිඵල මෙන්න..

December 14, 2017 at 12:08 am | lanka C news ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *