Wednesday , December 13 2017
Breaking News
Home / Uncategorized / වල්ලාපට්ටා සමග කටුනායකදී 3 ක් දැලේ (ඡායාරූප)

වල්ලාපට්ටා සමග කටුනායකදී 3 ක් දැලේ (ඡායාරූප)

ගමන් මලූ වල සගවාගෙන ඩුබායි වෙත රැගෙන යාමට උත්සාහ කළ වල්ලාපට්ටා තොගයක් සමග සැකකරුවන් තුන්දෙනෙකු රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් මඩකලපුව ප්‍රදේශයේ පදිංචි පිරිසක් බවයි ගුවන්තොටුපල රේගුව සදහන් කළේ.

සැකකරුවන් අද උදෑසන ඩබ්ලිව්.වයි. 0376 දරණ ගුවන් යානයෙන්  ඕමාන් හරහා ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන්තොටුපලට පැමිණ තිබෙනවා.

අත්අඩංගුවට ගත් වල්ලාපට්ටා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 39 කට අධික බව සදහන්.

මේ අතර, ඩුබායි සිට මෙරටට රැගෙන ආ නීතිවිරෝධී දුම්වැටි අසුරන 49 ක් සමග ද පුද්ගලයෙකු ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැණුනු අතර, ඔහු සතුව තිබී වල්ලාපට්ටා කිලෝග්‍රෑම් 15 ක් ද සොයා ගෙන තිබුණා.


ඡායාරූප – කටුනායක ටී කේ ජී කපිල

About admin

Check Also

පුංචි ඡන්දයෙන් එජාපයට 60%ක ජයග‍්‍රහණයක්.. අලූත්ම සමීක්‍ෂණයේ ප‍්‍රතිඵල මෙන්න..

December 14, 2017 at 12:08 am | lanka C news ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *