Saturday , January 20 2018
Breaking News
Home / Uncategorized / අද වුනත් මේ තනතුරෙන් යන්න මම ලෑස්තියි – ජනපති මෛත්‍රී

අද වුනත් මේ තනතුරෙන් යන්න මම ලෑස්තියි – ජනපති මෛත්‍රී

තමන් ජනාධිපති පදවියට පත්වූයේ “පුටුවේ වැජඹෙන්න නොවන,” බව පවසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, “අද වුනත් මේ තනතුරෙන් යන්න මම ලැස්තියි,” බව අවධාරණය කරයි.

ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ සිය ධුර කාලය අවසන් වන්නේ 2020දී ද, නොඑසේනම් 2021දී දැයි මතය පැහැදිලි කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද ඉල්ලීම පිළිබඳව හම්බන්තොට පැවති දේශපාලන ප්‍රචාරක රැස්වීමකදී කරුණු පැහැදිලි කරමිනි.

“මේකට සමහර අය කලබල වෙලා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉඳල, මහේස්ත්‍රාත් අධිකරණය දක්වා විනිශ්චයකාර තුමන්ලා දෙන ඕනෑම තීන්දුවක් අපි ඉතාම ගෞරවයෙන් භාරගන්නවා,” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

“මට අවුරුදු හතරද, පහද, හයද මට ඒ ගැන කිසිම භේදයක් නෑ.”

ජනාධිපතිවරයාගේ ඉල්ලීම ප්‍රකාර බ්‍රහස්පතින්දා (ජනවාරි 11) ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳව විවිධ පාර්ශවවලින් විවෘත අධිකරණයේ කරුණු විමසීය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

එහිදී අදහස් දක්වමින් නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය කියා සිටියේ ජනතාව වසර හයකට පත් කළ ජනාධිපතිවරයකුගේ ධූර කාලය අඩු කිරීම ජනතාවගේ ඡන්ද බලය හා පරමාධිපත්‍යයට බලපාන කරුණක් වන හෙයින් ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයට අමතරව ජනමත විචාරණයක් මගින් ජනතා කැමැත්ත ද අවශ්‍ය කරන බවය.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වසර පහක ධූර කාලය මීළඟට පත් වෙන ජනාධිපතිවරයාගේ පටන් අනාගතයට වලංගු වන බව ඔහුගේ මතය විය.

එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ, මහාචාර්ය ජීඑල් පීරිස් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා නීතිපතිවරයාගේ මතය අභියෝගයට ලක් කරමින් ජනාධිපතිවරයාට ධූරයේ කටයුතු කළ හැක්කේ වසර පහක් පමණක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් බව පෙන්වා දුන්නේය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද කියා සිටියේ, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් දක්වා අඩු විය යුතු බවය.

එසේ නොවන්නේ නම් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහ තමන්ට ද යළිත් වරක් ජනාධිපතිවරණයකට තරග කිරීමටත් හැකියාව තිබෙන බවට හිටපු ජනාධිපතිවරයා තර්ක කළේය.

About admin

Check Also

ඇමරිකානු රජය අක්‍රිය වෙයි

රජයේ වියදම් සඳහා වන අතුරු අයවැය ඇමරිකානු සෙනෙට් මණ්ඩලය විසින් අනුමත නොකිරීම හේතුවෙන් එරට රජය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *