Saturday , January 20 2018
Breaking News
Home / Uncategorized / මාගම්පුර මාරාන්තික උපවාසය තවදුරටත්

මාගම්පුර මාරාන්තික උපවාසය තවදුරටත්

හම්බන්තොට – මාගම්පුර වරායේ ඉවත් කළ සේවකයින් ආරම්භ කළ මාරාන්තික උපවාසය අද සිව් වන දිනටත් ක්‍රියාත්මකයි.

තමන් යළි වරාය අධිකාරියට බදවා ගන්නා ලෙස ඉල්ලමින් ඔවුන් මෙම මාරාන්තික උපවාසය  පසුගිය 9 වන දා ආරම්භ කළේ මාගම්පුර වරායේ ප්‍රධාන පිවිසුම් මාර්ගය ඉදිරිපිටයි.

සේවකයින් සහ ඔවුන්ගේ ඥාතීන් මහා සංඝරත්නය පෙරටුකරගෙන එම ස්ථානයේ සිට පෙළපාලියකින් මිරිජ්ජවිල මං සන්ධියට පැමිණ උද්ඝෝෂණයක ද නිරත වූ බවයි අප වාර්තාකරු කියා සිටියේ.

මේ අතර, අඛණ්ඩ උපවාසයේ නිරතව සිටින අතරතුර රෝගී වූ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ හම්බන්තොට මහරෝහලට ඇතුළත් කළා.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ධනුෂ්ක පෙරේරාගෙන් ඒ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ආහාර නොගැනීම හේතුවෙන් ඇති වූ විජලන තත්ත්වයක් මත ඔවුන් රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වන විට ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි.

About admin

Check Also

ඇමරිකානු රජය අක්‍රිය වෙයි

රජයේ වියදම් සඳහා වන අතුරු අයවැය ඇමරිකානු සෙනෙට් මණ්ඩලය විසින් අනුමත නොකිරීම හේතුවෙන් එරට රජය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *