Saturday , January 20 2018
Breaking News
Home / Uncategorized / මුහුදු ප්‍රදේශවලට තද වැසි සහ සුළං

මුහුදු ප්‍රදේශවලට තද වැසි සහ සුළං

පුත්තලම සිට කොළඹ හරහා බලපිටිය දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද පැයට කිලෝමීටර් 80 ක් පමණ දක්වා ඉහළ යාහැකි බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද සහ හෙට දිවයිනේ පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තුවන බවයි.

රාත්‍රී කාලයේදීත් බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ද ඇතැම් ස්ථානවලට තද වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තවදුරටත් උදය කාලයේ මීදුම් සහිත කාලගුණයක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා.

About admin

Check Also

ඇමරිකානු රජය අක්‍රිය වෙයි

රජයේ වියදම් සඳහා වන අතුරු අයවැය ඇමරිකානු සෙනෙට් මණ්ඩලය විසින් අනුමත නොකිරීම හේතුවෙන් එරට රජය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *