Saturday , February 24 2018
Breaking News
Home / Uncategorized / 'පුරා විද්‍යා වැඩ බිමක්' බවට පත් වූ රෝහල් වැඩ බිම

'පුරා විද්‍යා වැඩ බිමක්' බවට පත් වූ රෝහල් වැඩ බිම

යටත් විජිත සමයට අයත් යයි විශ්වාස කෙරෙන කාලතුවක්කුවක් ත්‍රිකුණාමලය මහ රෝහලේ නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකෙරෙන වැඩ බිමක තිබී හමු වී ඇති බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම කාලතුවක්කුව හමු වී තිබෙන්නේ ත්‍රිකුණාමලය මහ රෝහලේ නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදි කිරීම සඳහා ස්කැවේටර් යන්ත්‍රයකින් පොළොව කැණීම් කරමින් සිටි පිරිසකටය.

ඔවුන් මේ බව ත්‍රීකුණාමලය වරාය පොලිසියට දැන්වීමෙන් අනතුරුව වරාය පොලිසිය එය පරික්ෂා කර බලා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබේ.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පිරිසක් පැමිණ අදාළ කාලතුවක්කුව පරික්ෂා කර බලා මූලික වාර්තාවක් මේ වන විටත් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර ඇති බවත්, කාලතුවක්කුව හමු වූ ස්ථානයේ පර්චස් දෙකක පමණ ප්‍රමාණයක ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ බවත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නැගෙනහිර කලාප අංක එක භාර නිළධාරි ජානක විමලසූරිය බීබීසී සිංහල සේවයට පැවසීය.

අඩි 10ක් පමණ දිගැති පිටුපස ගෝලාකාර හැඩයකින් යුක්ත මෙම කාලතුවක්කු මුව විවරෙහි විශ්කම්භය අඟල් 13 පමණවන බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

වෙනත් පුවත්:

About admin

Check Also

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන බන්ධනාගාර රෝහලට

ඉවත දමන දැව කුහරය උපයෝගී කරගනිමින්  කැටයම් යොදා අලංකාර නිර්මාණ සිදුකරන  ලී කැටයම් ශිල්පියෙකු… Read …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *