Monday , April 16 2018
Home / Uncategorized / පොදුරාජ්‍ය මණ්ඩලය ගැන ඔබ නොදැන සිටිය හැකි කරුණු හතක්

පොදුරාජ්‍ය මණ්ඩලය ගැන ඔබ නොදැන සිටිය හැකි කරුණු හතක්

පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල රාජ්‍ය නායකයෝ මෙවර එක්සත් රාජධානියේ ලන්ඩන් නුවරදී රැස්වෙති.

මේ, පොදු රාජ්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් ඇතැම් විට ඔබ නොදැන සිටි කරුණු හතකි.

1.ලෝක ජනගහනයෙන් තුනෙන් එකක්

ලෝකයේ බිලියන 7.4 ක ජනගහනයෙන් තුනෙන් එකක් පමණ එනම් බිලියන 2.4ක පමණ ජනතාවක් වෙසෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවලය. ඉන් වැඩි දෙනා අවුරුදු 30 ට අඩු වයසේ පසුවෙති.

ජනගහනය වැඩිම රට ඉන්දියාවය. එහි ප්‍රමාණය පොදු රාජ්‍ය මණ්ඩලයේ සමස්ත ජනගහනයෙන් අඩකි. නමුත් සාමාජික රටවල් 31 තරම් ප්‍රමාණයක සිටින්නේ මිලියන 1.5ක හෝ ඊට අඩු ජනගහනයකි.

2.කිසිදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් නොවුවෝ

රුවන්ඩා සහ මොසැම්බික් යන රටවල් පිළිවෙලින් 2009 හා 1995 දී පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගත්තද එම රටවල් කිසි දිනෙක බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට හෝ ව්‍යවස්ථාමය වශයෙන් සම්බන්ධයක් නොවීය.

මෙම රටවල් එකතුවේ ඇතැම් සාමාජිකයෝ එය හැර ගියහ. රොබට් මුගාබේ 2003 වසරේදී සිම්බාබ්වේ ඉවත් කරගත්තේය. මැතිවරණ වංචා කළ බවට වූ වාර්තා හමුවේ එරට සාමාජිකත්වය අත්හිටුවීමෙන් පසු එය සිදුවිණි.

1999 දී වූ හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව පාකිස්තානයේ සාමාජිකත්වය අත්හිටුවනු ලැබූ අතර ඉන් වසර හතරහමාරකට පසු යළි එය පිරිනැමීය.

අවසන්වරට පොදු රාජ්‍ය මණ්ඩලය හැර ගිය සාමාජික රට වුයේ මාලදිවයින ය. 2016 වසරේදී එය සිදු විණි.

මේ තොරතුරු ද දැනගන්න:

3.රැජිනගේ රාජ්‍ය නායකත්වය

පොදු රාජ්‍ය මණ්ඩලයේ වැඩි රටවල් ගණනක් ජනරජ වෙති. ලෙසොතෝ, ස්වාසීලන්තය, බෘනායි දාරුස්සලාම්, මැලේසියාව, සැමෝවා හා ටොංගා යන රටවල පමණක් ඔවුන්ගේ කිරීටයක් පවතී.

4.තරමක් විශාලයි

ලෝක භූමි ප්‍රමාණය අතින් සලකන විට ඉන් හතරෙන් එකක් පමණ පොදු රාජ්‍ය මණ්ඩලයට හිමි ය.

භූමිය අනුව කණ්ඩායමේ විශාලතම සාමාජිකයා වන්නේ ලෝකයේ දෙවෙනි විශාලතම රට වන කැනඩා ය. ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව ද විශාලත්වයෙන් වැඩි සාමාජිකයෝ වෙති. නමුත් සාමාජිකයින් බහුතරය භූමි ප්‍රමාණය සලකන විට කුඩා ය. පැසිෆික් දූපත් වන නාවුරු, සැමෝවා, ටුවාලු සහ වනුවාටු මෙන්ම කැරිබියානු දූපත් වන ඩොමිනිකා, ඇන්ටීගා සහ බාර්බූඩා ඒ අතර වේ.

5.නමට වෙනසක්

1949 දී නූතන පොදු රාජ්‍ය මණ්ඩලය බිහිවූයේ ‘බ්‍රිතාන්‍ය’ සිය නීතිය තුළ කිරීටයෙන් සිය නම හා බැඳීම ඉවත් කරගත් පසු ය. හයවෙනි ජෝර්ජ් රජු සහ දෙවෙනි එලිසබෙත් රැජින පමණක් මෙතෙක් සංවිධානයේ මුල් තැන හෙබවූ අතර වේල්සයේ කුමරු (චාල්ස් කුමරු) රජ වූ පසු එම තැනට පත්වෙතැයි පුළුල්ව අපේක්ෂා කෙරුණ ද එය ප්‍රවේණිගත භූමිකාවක් නොවේ.

ස්වාධීන රටවල “නිදහස් සංගමය” පිහිටුවාගත් ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව හා එක්සත් රාජධානිය පොදුරාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයෝ වූහ.

2012 වසරේදී සිය ප්‍රඥප්තිය ක්‍රියාවට නගන තෙක් පොදුරාජ්‍ය මණ්ඩලයට ව්‍යවස්ථාවක් නොවිණි. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව, තිරසර සංවර්ධනය හා ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව යනාදිය ඇතුළත් අගනාකම් දහසයකින් සමන්විත ප්‍රඥප්තියට සාමාජිකයෝ එකඟ වෙති.

පශ්චාත් – යටත්විජිත සමාජයක් හා එතරම් බලපෑමක් නැති සංවිධානයක් ලෙස පොදුරාජ්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් විවේචන එල්ල විණි. එය “නව යටත්විජිතවාදී ආයතනයක්” ලෙස හඳුන්වමින් 2013 දී ගැම්බියාව සංවිධානයෙන් ඉවත්විණි.

සංවර්ධනාත්මක සහාය සහ ජාත්‍යන්තර ඉලක්ක අරභයා වූ සහයෝගීතාව ඇතුළුව සාමාජිකයින් හට මෙම සංවිධානයෙන් ප්‍රතිලාභ ඇතිවන බව ඊට සහය දක්වන්නෝ පවසති.

“ප්‍රජාතන්ත්‍රවාදය, සංවර්ධනය පෝෂණය කිරීමට වගේම ආරක්ෂා කිරීමටත් විවිධත්වයට ගරු කිරීමටත් අපගේ සාමාජිකයින් කැපවී සිටිනවා” යැයි සංවිධානයේ මහලේකම් ස්කොට්ලන්ඩ් ආර්යාව පැවසුවාය.

6.පොදුරාජ්‍ය මණ්ඩලයේ විශාලතම ආර්ථිකය

කණ්ඩායමේ විශාලතම ආර්ථිකය සම්බන්ධයෙන් බොහෝවිට මේ වසර මුලදී ඉන්දියාව අංක එක ස්ථානයට හිමිකම් පානු ඇත.

සංවිධානයේ රටවල් 53 ආර්ථිකය එකතු කළවිට ඩොලර් ට්‍රිලියන 10ක් වනු ඇති අතර එය ඩොලර් ට්‍රිලියන 11ක් තරම් වන චීනයේ ආර්ථිකයට ආසන්න වේ. නමුත් ඩොලර් ට්‍රිලියන 19ක ආර්ථිකයක් හිමි අමෙරිකා එක්සත් ජනපදයට පසුපසින් සිටියි.

එක්සත් රාජධානිය 2016 වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවලට කළ අපනයන, දළ වශයෙන් එරට ජර්මනියට කළ අපනයන තරම් වන අතර එය එක්සත් රාජධානියේ සමස්ත අපනයනවලින් 8.9% ක් පමණ වේ. පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවලින් එක්සත් රාජධානියේ ආනයන එරට සමස්ත ආනයනයෙන් 7.8% ක් පමණ වන අතර එය චීනයෙන් ආනයනයට ඇති අගයට සමාන ය.

7.තවත් පොදුරාජ්‍ය මණ්ඩල

ජාත්‍යන්තර තලයේ තවත් පොදුරාජ්‍ය මණ්ඩල ගණනාවක් වේ. ඒ අතරට ප්‍රංශ බස කතා කරන රටවල එකතුවක් වන ‘ලා ෆ්‍රැන්කොෆොනි’ සංවිධානය ද (International Organisation of La Francophonie) අයත්ය. එසේම පැරණි සෝවියට් සංගමයේ සාමාජිකයින් විසින් 1991 දී ගොඩනගාගන්නා ලද ස්වාධීන රටවල පොදුරාජ්‍ය මණ්ඩලය (Commonwealth of Independent States) ද එවැනි සංවිධාන අතර වේ.

About admin

Check Also

16 දෙනා භාර ගැනීමට සූදානම් බව හිටපු ජනපති කියයි

Monday, 16 April 2018 – 19:11 16 දෙනා භාර ගැනීමට සූදානම් බව හිටපු ජනපති කියයි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *