Saturday , June 16 2018
Breaking News
Home / Uncategorized / බස් රථ අනතුරකින් එක් අයෙකු මියගොස් 25 දෙනෙකු තුවාල ලබයි

බස් රථ අනතුරකින් එක් අයෙකු මියගොස් 25 දෙනෙකු තුවාල ලබයි

බස් රථ අනතුරකින් එක් අයෙකු මියගොස් 25 දෙනෙකු තුවාල ලබයි

අලව්ව කපුවරල ප්‍රදේශයේදී අද සවස බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා රෝහල ගත කර ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස තුවාල ලැබූ පුද්ගලයින් අලව්ව රෝහලේ දැනට ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුරින් මියගිය පුද්ගලයා 60 හැවිරිදී වියේ පසුවූ පුද්ගලයෙකු බවයි පොලිසිය කියා සිටියේ.

කදුරුවෙල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් මාර්ගයෙන් ඉවතට පැන පෙරලියාමේන් මේ අනතුර සිදුව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් අලව්ව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

About admin

Check Also

කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට, වෙඩි තැබූ ප්‍රධාන සැකකරු කොළඹ

කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට, වෙඩි තැබූ ප්‍රධාන සැකකරු කොළඹ කතරගම – කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබොවක ධම්මින්ද …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *