Wednesday , June 13 2018
Breaking News
Home / Uncategorized / බිලියන ගණනින් පාඩු ලබද්දී මිලියන ගණන් දීමනා ඉල්ලන ශ්‍රීලංකන් ප්‍රධාන විධායක නිලධාරියා

බිලියන ගණනින් පාඩු ලබද්දී මිලියන ගණන් දීමනා ඉල්ලන ශ්‍රීලංකන් ප්‍රධාන විධායක නිලධාරියා

COLOMBO (News 1st) – වසර තුනක් වැනි කාල සීමාවක් තුළ රටේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් සමාගම බිලියන ගණනින් පාඩු ලබන තත්ත්වයට පත් කළ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ මහතා කල්තියා විශ්‍රාම ගැනීමට කොන්දේසි මාලාවක් ඉදිරිපත් කර ඇති බව අප ඊයේ අනාවරණය කළෙමු.

මේ විශේෂ හෙළිදරව්ව ඒ පිළිබඳවයි…

2015 වසරේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක චරිත රත්වත්තේ මහතාගේ සහෝදරයාවන සුරේන් රත්වත්තේ මහතා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් කළේ ය.

මාසිකව රුපියල් මිලියන 3 ක වැටුපක් සහ ඊට අදාළ බදු සමාගම විසින් ගෙවීම සහ වාර්ෂික ආදායම් ඉලක්ක සපුරාලීම මත රුපියල් මිලියන 10 ක ප්‍රසාද දීමනාවක් ලබාදීම ඔහු සේවයට බඳවා ගැනීමේදී ඇති වූ එකඟතා අතර වේ.

අධ්‍යක්ෂ මණ්ඩලයේ පොදු එකඟතාව නොලැබීම නිසා මාස 6 ක පරිවාස කාල සීමාවකට යටත්ව මෙම තනතුරට සුරේන් රත්වත්තේ මහතා පත් කළ අතර පසුව අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවක සඳහන් වූයේ අදාළ කාල සීමාවෙන් පසුව ඔහුගේ සේවය පසු විපරම් කළ යුතු බවයි.

සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වෙන වෙනම මෙම ඇගයීම සිදුකළ යුතු බව අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාවේ සඳහන් ය.

2016 අප්‍රේල් මස 15 වන දා සුරේන් රත්වත්තේ මහතාගේ මාස 6 ක කාල සීමාව අවසන්වීමට නියමිතව තිබූ අතර ඊට පෙර තව ත් මාස 6 කට ඔහුගේ සේවා කාලය දීර්ඝ කරන ලෙස වෙද්දී එවක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයෙන් යෝජනා කර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලයේ ඇතැම් සාමාජිකයින්ගේ අදහස වූයේ, සුරේන් රත්වත්තේ මහතාගේ සේවය කාර්යක්ෂම නොවන බැවින් එය අත්හිටවිය යුතු බවයි.

ඒ බව අධ්‍යක්ෂ මණ්ඩල සටහන් වාර්තාවල ද සඳහන්ව ඇත.

කෙසේවෙතත් අවසානයේ අරලියගහ මන්දිරයට ශ්‍රීලංකන් සභාපතිවරයා කැඳවීමෙන් පසුව සුරේන් රත්වත්තේ මහතාගේ සේවය ස්ථිර කීරීමට පියවර ගැනිණි.

වයස අවුරුදු 52 දී ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් ව වසර තුනකින් පසුව සමාගම බිලියන ගණනක පාඩු ලබන තත්ත්වයට පත්කර දැන් රත්වත්තේ මහතා කළින් විශ්‍රාම ගැනීම සඳහා යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත.

ඔහු ශ්‍රීලංකන් සමාගමේ වත්මන් සභාපති රංජිත් ප්‍රනාන්දු මහතාට දන්වා ඇත්තේ, 2022 දක්වා සේවය කළ හැකිව තිබියදී කළින් විශ්‍රාම ගැනීම නිසා තමන්ට මාස 6 ක බදු සහිත වැටුප් අවශ්‍ය බවයි.

ජූනි මස 1 සිට 6 දක්වා ඕස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර පැවැත්වෙන ජාත්‍යන්තර ගුවන් සේවා සංසදයේ සම්මේලන සඳහා නිල තනතුරු දරණ අයුරින් සහභාගීවීමට අවස්ථාව ඉල්ලා සිටින ඔහු ජූනි මස 7 වන දා සිට වාර්ෂික නිවාඩු පදනම මත කටයුතු කරන බව දන්වා තිබේ.

මාස 6ක වැටුප් ඉල්ලන රත්වත්තේ මහතා, ජූනි 1 වන දා සිට තමන් ශ්‍රී ලංකාවේ වාසය නොකරන බැවින් ඕස්ට්‍රේලියාවේ නීති අනුව අදායම් බදු ගෙවීමේ පූර්ණ වගකීම ශ්‍රීලංකන් ගුවන් සමාගම සතු බවයි.

සියලු මුදල් රටින් බැහැරව ඇති සිය බැංකු ගිණුම වෙත ඕස්ට්‍රෙලියානු ඩොලර්වලින් ගෙවන ලෙස ද ඔහු දන්වා ඇත.

තම බිරිඳ සමග ඕස්ට්‍රෙලියාවට යෑමට සහ ඒමට නිකුත් කළ දින සිට වසරක කාලයක් වලංගු වන ලෙස ව්‍යාපාරික පංතියේ ගුවන් ටිකට් පත් 6 ක් ලබාදෙන ලෙස අතිරේක දීමනාවල ඇතුළත් ය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ, රත්වත්තේ මහතාගේ ඉල්ලීම් නොව ඔහුට ලබාදීමට සමාගම ඇති වූ එකඟතාව ගැන සාකච්ඡා කිරීම වැදගත් බවයි.

නව ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු පත්කර ගන්නා තෙක් රත්වත්තේ මහතා අදාළ තනතුරේ තවදුරටත් කටයුතු කරමින් සිටි.

සුරේන් රත්වත්තේ මහතා ඉල්ලා සිටින මුදල පිළිබඳව අප ඊයේ ප්‍රේක්ෂක මතය විමසුවෙමු.

වැඩි දෙනෙකු ඊට දක්වා ඇති ප්‍රතිචාරය වන්නේ, රුපියල් මිලියන 18 ක මුදලක් ඔහු ඉල්ලා සිටින බවයි.

සේවයට බඳවා ගැනීමේදී ඇතිකර ගත් එකඟතාව අනුව රුපියල් මිලියන 3 ක මාසික වැටුප පමණක් සැලකීමේදී මාස 6 ක් එම මුදල නිවැරදි විය හැකියි.

එහෙත් ආයදම් බදු ඉල්ලා සිටින ගුවන් ප්‍රවේශ පත් ඇතුලු පහසුකම් සලකා බැලීමේදී මේ මුදල ඉතා ඉහළ අගයක් දක්වා වැඩිවනු ඇත.

ශ්‍රීලංකන් ගුවන් සමාගම සුරේන් රත්වත්තේ මහතා සේවය කළ 2015 වසරේදී රුපියල් බිලියන 16.3 ක පාඩුවක් ලැබූ අතර 2016 දී ලැබූ පාඩුව රුපියල් බිලියන 12 කි.

පසුගිය වසරේ එය රුපියල් බිලියන 28.5 ක් දක්වා වැඩිවී තිබුණි.

සමාගම පාඩු ලබන තත්ත්වයට පත්කර කළින් විශ්‍රාම ගැනීම සඳහා සුරේන් රත්වත්තේ මහතා ඉල්ලා සිටින මුදල පොදු මහජන සුබසාධනය සඳහා යෙදවුවහොත්,

නිවාස කීයක් නම් ඉදිකළ හැකි ද?

වකුගඩු රෝගයෙන් දුක් විඳින ගම්මානවල කොපමණ පිරිසකට පිරිපහදුකළ ජලය ලබාදිය හැකි ද?

පිලිකා වැලදීමෙන් දුක්විදින කී දෙනෙකුට සහන සලසා දිය හැකි ද?

About admin

Check Also

කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබීම ගැන පොලිස්පති කතා කරයි

Wednesday, 13 June 2018 – 20:24 කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබීම ගැන පොලිස්පති කතා කරයි කතරගම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *