Friday , August 17 2018
Breaking News
Home / Uncategorized / රජිව් ඝාතකයන් නිදහස් කරන, තමිල්නාඩු ඉල්ලීම විසිවෙයි

රජිව් ඝාතකයන් නිදහස් කරන, තමිල්නාඩු ඉල්ලීම විසිවෙයි

රජිව් ඝාතකයන් නිදහස් කරන, තමිල්නාඩු ඉල්ලීම විසිවෙයි

හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිර දඬුවම් විදින 7 දෙනා නිදහස් කළ නොහැකි බවට ඉන්දීය මධ්‍යම  රජය කළ දැනුම්දීම එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද පිළිගෙන තිබෙනවා.

ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේ තමිල්නාඩු ප්‍රාන්ත රජයයි.

මීට පෙර ඉන්දීය ජනාධිපතිවරයා ද අදාළ සැකකරුවන් නිදහස් කළ නොහැකි බව ප්‍රකාශ කළා.

ශ්‍රීධරන් හෙවත් මුරුගන්, පේරරිවාලන්, ශාන්තන්, ජයකුමාර්, රොබට් පයාස්, රවිචන්ද්‍රන් සහ නලිනි රජිව් ඝාතනය වෙනුවෙන් සිර දඬුවම් විදින 7 දෙනායි.

දැනටමත් වසර 27ක් බන්ධනාගාරගතව සිටින ඔවුන්ට මානුෂීය හේතූන් මත නිදහස ලබාදෙන ලෙසයි තමිල්නාඩු රජය ඉල්ලා තිබුණේ.

About admin

Check Also

වැසි සහ සුළං තවදුරටත් – රත්නපුරට සහ නුවරඑළියට නායයෑමේ අවදානම්

වැසි සහ සුළං තවදුරටත් – රත්නපුරට සහ නුවරඑළියට නායයෑමේ අවදානම් දිවයිනේ දැනට පවතින වැසි සහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *