Friday , August 17 2018
Breaking News
Home / Uncategorized / විපක්‍ෂය කතානායකට කුණුහරුපෙන් බනිනවා.. කොචොක් කරනවා..- කතානායකගෙන් නිවේදනයක්

විපක්‍ෂය කතානායකට කුණුහරුපෙන් බනිනවා.. කොචොක් කරනවා..- කතානායකගෙන් නිවේදනයක්

August 10, 2018 at 6:48 pm | lanka C news

විපක්‍ෂය කතානායකට කුණුහරුපෙන් බනිනවා.. කොචොක් කරනවා..- කතානායකගෙන් නිවේදනයක්

විපක්‍ෂය විසින් කතානායකවරයාට අපහාස උපහාස කරමින් අසැබි වචන පවා භාවිතා කරමින් අසංවර ලෙස සභාවේදී හැසිරුණු ආකාරය කණගාටුදායක බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයා විසින් මේ බව නිවේදනය කලේය.

එකී සම්පූර්ණ න්වේදනය මෙසේය.

ඊයේ දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන්ව තිබූ “සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාවය දැක්වීමේ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සිදු නොකළ බව පවසමින් පදනම් විරහිත ලෙස දෝෂාරෝපණය කරමින්, විශේෂයෙන්ම මූලාසනයට අභියෝග කරමින් විරුද්ධ පාර්ශ්වයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරයන් පිරිසක් විසින් අපහාස උපහාස කරමින් අසැබි වචන පවා භාවිතා කරමින් අසංවර ලෙස සභාවේදී හැසිරුණු ආකාරය ඉතාමත් අශෝභන මෙන්ම, කනගාටුදායක බව මෙම ගරු සභාවට දන්වනු කැමැත්තෙමි.

ඒ අවස්ථාවේදී සභා ගර්භයේදී පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් කරනු ලබන ක්‍රියා පටිපාටිය මා විසින් අනුගමනය කළ බවත්, සිදුවූ සියලු දේ පිළිබඳව හැන්සාඩ් වාර්තාවේ අදාළ උදෘතය ගෙන්වා ගෙන නිරීක්ෂණය කළ බවත්, එය විධිමත් ආකාරයෙන් නියමිත ක්‍රියා පටිපාටිය අනුවම එකී පනත් කෙටුම්පත දෙවැනි වර කියවා කාරක සභා අවස්ථාවට පිවිස ඉන් අනතුරුව යථා පරිදි පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද බව සඳහන් කරමි.

තවද, මින් ඉදිරියට නිරවද්‍ය ලෙස කරුණු සොයා බලා මනා සංයමයකින් යුතුව මෙම උත්තරීතර සභාව තුළ කටයුතු කිරීමට වගබලා ගන්නා මෙන් එම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට නුසුදුසු, අශෝභන දේවල් සිදුවීමට ඉඩ නොතබන ලෙස අවධාරණය කරමි.

– කතානායක මාධ්‍ය අංශය

2,065 Viewers

About admin

Check Also

වැසි සහ සුළං තවදුරටත් – රත්නපුරට සහ නුවරඑළියට නායයෑමේ අවදානම්

වැසි සහ සුළං තවදුරටත් – රත්නපුරට සහ නුවරඑළියට නායයෑමේ අවදානම් දිවයිනේ දැනට පවතින වැසි සහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *